ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි.
හිස්වූ විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අද යොමුකරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවා.
හිටපු විගණකාධිපති W.P.C. වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමත් සමග 2025 අප්‍රේල් 08 වැනිදා සිට මේ දක්වා විගණකාධිපති ධුරය හිස්ව පවතිනවා.





