ශ්‍රී ලංකාව සමග දෙවැනි T20 තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු හයකින් ජයගනිමින් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කර ගන්නට එංගලන්තය සමත් වුණා.
පල්ලෙකැලේ පැවති තරගයේ පළමුව පනදුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස් කළා.
එංගලන්ත පිළිතුරු ඉනිම අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඔවුන්ගේ ඉලක්කය පන්දුවාර 17කදී ලකුණු 168ක් ලෙස සංශෝධනය කෙරුණා.
පන්දුවාර 16.4කදී ඉලක්කය සපුරා ගත් එංගලන්තය අඛණ්ඩව 10 වැනි වරටත් t20 තරගයකදී ශ්‍රී ලංකාව පරාජය කළා.





