දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානියෙන් පසු අඛණ්ඩව සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට තවත් බේලි පාලම් 10 ක් යැවූ බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළා.
සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල ප්‍රවාහන යටිතල පහසුකම් ගොඩ නැගීම සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් INS Gharial බේලි පාලම් තොගය රැගෙන ඊයේ රාත්‍රී විශාකාපට්නම් සිට කොළඹ බලා පිටත්වුණා.
නවතම ආධාරය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මෑතකදී ශ්‍රී ලංකාවට කළ සංචාරයේදී ප්‍රකාශයට පත් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් වටිනා ඉන්දියාවේ විශේෂ ආර්ථික පැකේජයේ කොටසක්.





