පසුගියදා වෙන්නප්පුව ප්රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් යළි මෙරටට පැමිණමින් සිටියදී ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන්ගේ පහරකෑමට ලක්වූ බව පැවසෙන ධීවරයින් 8 දෙනෙකු ධීවර යාත්රා දෙකක් ද සමඟින් වෙන්නප්පුව වෙල්ලමංකර ධීවර වරායට පැමිණියා.
ඒ අතුරින් ධීවරයින් දෙදෙනෙක් මාරවිල රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
පහර කෑමට ලක්වූ ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා මැදිහත්වීමෙන් ඊයේ මෙරටට රැගෙන ආ අතර, ඔවුන් ඇතුළත් කරනු ලැබුවේ ගාල්ල ජාතික රෝහලටයි.
පහර කෑමට ලක්වූ ධීවරයින්ගේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙසයි.
දිනිති දුව සහ තවත් ධීවර යාත්රාවක් වෙන්නප්පුව ප්රදේශයෙන් පසුගිය දෙසැම්බර් 03 වැනිදා මුහුදු ගොස් තිබුණේ ධීවරයින් 12 දෙනෙතු සමගින්.
ධීවර කටයුතුවල නිරතව යළි පැමිණෙමින් සිටියදී ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන්ගේ තමන්ට පහරදුන් බවයි ධීවරයින් සඳහන් කරන්නේ.
පහර දීමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ඊයේ ගාල්ල ධීවර වරායට රැගෙන ආ අතර, ඔවුන් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
පහර කෑමට ලක්වූ අනිත් ධීවරයින් අට දෙනා සහ ධීවර යාත්රා දෙක අද පෙරවරුවේ වෙන්නප්පුව වෙල්ලමංකර ධීවර වරායට ළඟා වුණා.
ඔවුන් අතරින් ධීවරයින් දෙදෙනෙකු තද බල ලෙස පහර කෑමට ලක්ව සිටි අතර, ඔවුන් මාරවිල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
පහර කෑමට ලක්වූ ධීවරයින්ගේ ඥාතීන්ද අද පෙරවරුවේ ධීවර වරායට පැමිණ සිටියා.





