වසරේ ජනප්‍රියතම නව්‍යකරණ රූපවාහිනි නාලිකාව ලෙසින් ටීවී සුප්‍රීම් ඊයේ රාත්‍රි යළි සම්මානයට පාත්‍ර වුණා.
ඒ මෙරට කලා සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා දායකත්වය දැක්වූ කලාකරුවන් සහ මාධ්‍ය ආයතන ඇගයීමට පැවැත්වූ පින්න ලෙගසි සම්මාන රාත්‍රියේදී.
මෙරට කලා සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා දායකත්වය දැක්වූ කලාකරුවන් සහ මාධ්‍ය ආයතන අගය කරමින් පැවැත්වූ පින්න ලෙගසි සම්මාන රාත්‍රිය ඊයේ අති උත්කර්ශවත් ලෙසින් කොලඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.
එහිදී මාධ්‍යකරණය නව මාවතකට යොමුකරමින් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරයට නිර්මාණාත්මක නවෝත්පාදනයන් රැසක් බිහිකරමින් ප්‍රේක්ෂක ජනතාවගේ හදවත් දිනා ගත් ටීවී සුප්‍රීම් වසරේ ජනප්‍රියතම නව්‍යකරණ රූපවාහිනි නාලිකාව ලෙසින් විශිෂ්ඨතා සම්මානයට පාත්‍ර වුණා
ටීවී සුප්‍රීම් වෙනුවෙන් මෙම සම්මානය ලබා ගත්තේ ටීවී සුප්‍රීම් ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරු අනෝජ් ඩී. කරලියැද්දයි.





