අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳගේ ජීවිත කතාව ඇසුරින් නිෂ්පාදනය කළ මෙලනියා චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ වී තිබෙනවා.
ඇයගේ ජීවිතය සහ ඇය නැවතත් ජනාධිපති බිරිඳ ලෙස රාජ්‍ය ජීවිතයට අවතීර්ණ වූ ආකාරය දැක්වෙන නව වාර්තා චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණේ වොෂින්ටන්හි කෙනඩි මධ්‍යස්ථානයේදී.
එම අවස්ථාවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම ඔහුගේ පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද සහභාගී වී සිටියා.





