කියුබාව ඇමරිකානු ජාතික ආරක්ෂාවට අසාමාන්‍ය තර්ජනයක් බව ප්‍රකාශ කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව කියුබාවට තෙල් සපයන ඕනෑම රටකින් ඇමරිකානු එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා තීරුබදු පනවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් ට්‍රම්ප් චෝදනා කළේ, හවානාහි කොමියුනිස්ට් රජය රුසියාව, චීනය සහ ඉරානය ඇතුළු බොහෝ සතුරු රටවල් සහ අන්තර්ජාතික ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත සහය දක්වන බවයි.





