රටේ පවතින බරපතළ සංස්කෘතික ඛාදනය හමුවේ භික්ෂූන් වහන්සේ නිහඬව නොසිට සමාජ අසාධාරණය , සංස්කෘතික සෝදාපාළුවට එරෙහිව හඬ නැගිය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි නා හිමියන් අවධාරණය කරනවා
උන්වහන්සේ මේ බව සදහන් කලේ ඓතිහාසික මිහින්තලා පුදබිමේ පැවති වැඩසටහනක දී.
මිහින්තලා රජමහා විහාරාධිපතිව සිට අපවත් වී වදාළ උතුරු මධ්‍යම දෙදිසාවේ නුවරගම්පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය වලවාහැංගුනවැවේ ධර්ම කීර්ති ශ්‍රි රතනපාල නායක හිමියන්ගේ තිස්පස් වැනි ගුණානුස්මරණ පිංකම විහාරස්ථාන පරිශ්‍රයේ දී ඊයේ පැවැත්වුණා.
වර්තමාන විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් රචිත සිව් බුදුවරුන්ගේ සිරිපා පහස ලැබූ සේල චේතිය කෘතිය එළි දැක්වීම ද ගුණානුස්මරණ වැඩසටහනට සමගාමීව සිදු කළා.





