එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස දෙවන තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ඩක්වත් සහ ලුයිස් න්‍යාය අනුව ලකුණු 11කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගාවලිය 1-0 ක් ලෙස එංගලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවනවා.
තරගාවලිය ජය ගැනීමටනම් අද පැවැත්වෙන විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතු වනවා.

Share