මත මතින් යන බස් ගමන්

කොළඹ මෙන්ම තදාසන්න ප්‍රදේශයන්හි මගී ප්‍රවාහන සේවාවන්හි නිරත රියදුරන් 60% ක් පමණ බරපතළ ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බව ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වන විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට අද එක්වෙමින්.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වන විශේෂ සංවර්ධන කමිටු රැස්වීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද පැවැත්වුනා.

Share