දොඩංගොඩ ප්‍රදේශයේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

දොඩංගොඩ – ලියනගොඩ ප්‍රදේශයේ පොලිසිය විසින් ඊයේ සිදු කළ මෙහෙයුමක දී ගමන් බෑගයක් තුල සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කැටියාගොඩ ප්‍රදේශයේ පදිංචි ජොන්ට්” නමැති 41 හැවිරිදි පුද්ගලයෙක්. දොඩංගොඩ පොලිසිය විසින් ලියනගොඩ ප්‍රදේශයේ ඊයේ සිදු කළ මෙහෙයුමක් අතරතුර පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගය තුල සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුනා.
සැකකරු විසින් තම බෑගයේ සඟවාගෙන තිබූ Pve බටයක තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65 කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 45 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුනා.
එමෙන්ම මෙම ජාවාරම සඳහා යොදාගත් බවට සැක කෙරෙන ජංගම දුරකථන දෙකක්, මත්ද්‍රව්‍ය කිරීම සඳහා භාවිතා කරන කුඩා ප්‍රමාණයේ ඩිජිටල් තරාදියක් ද ඔහු සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට පත් වූයේ ගල්කැටියාගොඩ ප්‍රදේශයේ පදිංචි ජොන්ට්” නමැති 41 හැවිරිදි පුද්ගලයෙක්
පොලිසිය විසින් මේ වන විට අනාවරණය කරගෙන ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමක විදෙස් රටක සිට මෙහෙයවන එකක් ලෙසටයි.

මේ අතර ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා සූක්ෂම ලෙස මත්කරල් ජාවාරමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු මත්කරල් 2000ක් ද සමඟ
පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ලද තොරතුරකට අනුව, උපාය දූතයන් යොදවා සිදුකළ මෙම වැටලීමේදී ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී මෙම මත්කරල් තොගය සොයාගෙන ඇත්තේ නිවසේ නාන කාමරයේ තිබූ රෙදි සෝදන යන්ත්‍රයක් තුළ තිබියදීයි.
එහිදී රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා මත් කරල් අඩංගු පාර්සල් 20 ක් සොයා ගැනුනු අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 37 සහ 24 යන වයස්වල පසුවන කඩිතරමුල්ල සහ පනලිය ප්‍රදේශවල (මේ කොහේ ද?????) පදිංචිකරුවන් වනවා
මොවුන් කලක පටන් පාසල් දරුවන් සහ ප්‍රදේශයේ තරුණයන් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් ව තිබෙනවා
රත්මලාන ප්‍රදේශයේ ළමා උද්‍යානයක් අසල දී මෙම වැටලීම සිදුකර ඇති අතර එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 305, මිලි ග්‍රෑම් 180 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101, මිලි ග්‍රෑම් 270 ක් සමග රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිංහාරගේ අමල් ශාමින්ද සිල්වා නොහොත් කුඩු අංජු නැමැත්තාගේ මෙරට තුල මත් ද්‍රව්‍ය බෙදා හැරිම සහ මත්ද්‍රව්‍ය ගබඩා කර තබන පුද්ගලයෙකු බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

මේ අතර වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය – බුදුරුවාගල රක්ෂිත ප්‍රදේශයේ සිදු කල වැටලීකමදී නීතී විරෝධී මත්පැන් ජාවාරමක් වටලා සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා
සැකකරු සන්තකයේ තිබී නීතී විරෝධී මත්පැන් බෝතල් 182ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු බුදුරුවාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක පුද්ගලයෙක්.

Share