හැටන් නගරයේ පැති විදියක බලහත්කාරයෙන් විවෘත කළ මාළු අලෙවි සැලකට කිසියම් පිරිසක් ඇතුලු වි ප්‍රහාරයක් එල්ල කර එම වෙළද සැලේ තිබූ මාළු සහ කුකුළු මස් ප්‍රදර්ශනය කරණා ශීතකරණවලට ද අලාභ හානි සිදු කර පලා ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපපිට නිදහස් කෙරුණා.
හැටන් නගරයේ පැති වීදියේ සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යෑමට ව්‍යාපාරිකයෙක් නගර සභාවෙන් අනුමැතිය ඉල්ලා තිබුනා.
කෙසේ වෙතත් එම අනුමැතිය ලැබීමට ප්‍රථම එම වෙළදසැලේ අයිතිකරු විසින් එම වෙළදසැළ තුල මාළු සහ කුකුළු මස් අලෙවි කිරිමට පසුගිය 28 වැනිදා කටයුතු කිරීමට්ර්හ් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
එම වෙළදසැල ඉදිරිපිටට පැමිණි හැටන් නගරයේ අනෙකුත් මත්ස්‍ය වෙළෙදුන් කියා සිටියේ නගර සභාවේ අනුමැතියක් නොමැතිව නගර මධ්‍යයේ මත්ස්‍ය වෙළදපොළක් විවෘත කිරිමට ඉඩ ලබා දිය නොහැකි බවයි.
ඒ අනුව මෙම මත්ස්‍ය වෙළදපොළට නැගුණු විරෝධය හමුවේ හැටන් පොලිසියේ නිළධාරින්, හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා, ආදායම් පරිපාලකවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණියා.
එහිදී ඔවුන් කියා සිටියේ වෙළදසැල, බලපත්‍රය නිකුත් කරන තෙක් වසා දමන ලෙසටයි.
ඉන් අනතුරුව වෙළඳසැලේ අයිතිකරු හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී පවසා ඇත්තේ සිල්ලර වෙළදසැලක් පවත්වාගෙන යැමට අවසර ඉල්ලා මස් සහ මාළු විකිණීමට කිසිසේත් අවසර ලබා නොදෙන බවයි.
සිල්ලර වෙළදසැලක් පවත්වාගෙන යැමට ඉල්ලා ඇති ඉල්ලුම්පත්‍රය සම්බන්ධයෙන් ලබන මස 12 වැනිදා නගර සභාවේ පැවැත්වෙන මාසික සභා රැස්වීමේදි සාකච්ඡා කර විසදුමක් ලබා දෙන තෙක් අවසරයක් නොමැතිව විවෘත කල වෙළදසැල වසා දමන ලෙසටද හැටන් දික්ඔය නගර සභාව විසින් ද උපදෙස් ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත් එම උපදෙස් ද නොතකමින් වෙළඳසැලේ හිමිකරු නැවතත් වෙළඳසැල විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා.
වෙළදසැල විවෘත කර මාළු වෙළදාම් කරමින් සිටියදී වෙළදසැලට ඇතුලු වූ පිරිසක් වෙළදසැල තුල මාළු සහ කුකුළු මස් ප්‍රදර්ශණය කර තිබූ ශීතකරණවලට සහ තවත් උපකරණ කිහිපයකට පහර දී අලාභ හානි සිදු කර පලා ගොස් තිබුනා.
කෙසේවෙතත් මෙම පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙදෙනෙකු පසුව අත් අඩංගුවට ගත් අතර ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී අධිකරණය නියෝග කළේ අදාළ සැකකරුවන් ඇපපිට නිදහස් කරන ලෙසයි.
එමෙන්ම හැටන් දික්ඔය නගර සභාවේ උපදෙස් නොතකමින් අනුමැතියකින් තොරව මාළු වෙළදසැලක් විවෘත කිරීම සම්බන්ධයෙන් වෙළඳසැල් හිමිකරුට එරෙහිව පැමිණිල්ලක්ද ගොනු කර තිබෙනවා.





