සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් t20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට පවන් රත්නායක කැඳවා තිබෙනවා.
දෙරට අතර අවසන් එක්දින තරගයේ දී පවන් පන්දු 115ක දී ලකුණු 121ක් රැස් කළා.
කෙසේ වෙතත් වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙන්ම දඟපන්දු යවන ක්‍රීඩක දුෂාන් හේරත් සංචිතයට ඇතුළත් කර නැහැ.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව t20 තරගයක් ක්‍රීඩා නොකළ දුනිත් වෙල්ලාලගේ සංචිතයට කැඳවා ඇති අතර කුසල් ජනිත් පෙරේරා ට ද ශ්‍රී ලංකා T20 සංචිතයේ ඉඩක් වෙන්ව තිබෙනවා.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය වන්නේ පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන්, මතීෂ පතිරණ සහ එෂාන් මාලිංගයි.
දෙරට අතර t20 තරගාවලිය හෙට පල්ලෙකැලේ දී ආරම්භ වනවා.
මේ අතර පෙබරවාරි 7 වැනිදා ආරම්භ වන T20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නම් කර නොමැති අතර ඒ සඳහා වන අවසාන දිනය ජනාවාරි 31 වැනිදායි.





