ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා ඉරානයෙන් ඉල්ලා සිටියේ න්‍යෂ්ටික අවි පිළිබඳ ගිවිසුමක් ඇති කර ගන්නා ලෙසයි.

එසේ නොමැතිනම් ඊළඟ එක්සත් ජනපද ප්‍රහාරය වඩා නරක වනු ඇතැයි ඔහු අනතුරු ඇඟවූවා.

එක්සත් ජනපදයේ ඕනෑම මිලිටරි ක්‍රියාමාර්ගයක දී එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ එයට සහාය දක්වන පාර්ශ්වයන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ උපදේශක අලි ෂම්කානි X හි සටහනක සඳහන් කළා.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ද X සටහනකින් අනතුරු ඇඟවූයේ ඉරානයේ සන්නද්ධ හමුදා “ඕනෑම ආක්‍රමණයකට වහාම සහ බලගතු ලෙස ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවයි.

“ඒ සමඟම,” අරක්චි තවදුරටත් පැවසුවේ, “ඉරානය සැමවිටම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ සාධාරණ න්‍යෂ්ටික ගනුදෙනුවකට සමාන පදනමක් මත සහ බලහත්කාරයෙන්, තර්ජන සහ බිය ගැන්වීම් වලින් තොරව සුදානම් බවයි.

එය සාමකාමී න්‍යෂ්ටික තාක්‍ෂණය සඳහා ඉරානයේ අයිතිවාසිකම් සහතික කරන අතර න්‍යෂ්ටික අවි නොමැති බව සහතික කරන බවද විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

Share