කස්සප හිමි ඇතුලු පිරිසට අධි චෝදනා

ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කීමේ සිද්ධියට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, තවත් භික්ෂුන් තුන් නමක් ඇතුළු සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ අද චෝදනා ගොනු කෙරුණා. ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 10 දෙනා පෙබරවාරි මස 2 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ත්‍රි‍කුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලට අදාළ නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළිත් කැඳවුවා.
එහිදි එම නඩුවේ සැකකරුවන් ලෙස නම් කෙරුණු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි භික්ෂූන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් 10දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙහිදි අදාළ නඩුවේ විමර්ශණ අවසන් කර සැකකරුවන්ට එරෙහිව අද චෝදනා පත්‍ර ගොනු කෙරුණා. එහිදි සැකකරුවන් පැවසුවේ පොලිසිය විසින් ඉදිරිපත් කළ චෝදනා වලට තමන් නිවැරදිකරුවන් බවයි. දෙපාර්ශවයේම ඉදිරිපත් වු කරුණු සලකා බැලු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්. එම් සම්සුදීන් මහතා අධිකරණය මඟහැර සිටින අනෙකුත් සැකකරුවන් 05 දෙනා ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළා. නඩුව ලබන 2 වැනිදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් එදින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

Share