Hiddensecrets නව සංචාරක හෝටලය පසුගියදා විවෘත කරන ලදි

දෙස් – විදෙස් සංචාරකයින්ට ස්වභාව සෞන්දර්යය හා බැඳුණු නවමු අත්දැකීමක් සමීප කරවීමේ අරමුණෙන් දඹුල්ල ප්‍රදේශයේ ඉදිකෙරුණු Hiddensecrets නව සංචාරක හෝටලය පසුගියදා විවෘත කෙරුණා. ඒ, වර්තමාන සමාජ සන්දර්භය තුළින් කෙමෙන් ඈත්ව යන ග්‍රාමීය සංස්කෘතිකත්වය රැකගැනීමත් ප්‍රමුඛ කාර්යයක් කරගැනීමට හෝටල් කළමණාකාරීත්වය දැරූ අතිශය සාර්ථක උත්සහයක්ද සමඟින්.

මෙරට ආර්ථිකයට සැලකිය යුතු ආදායමක් උත්පාදනය කෙරෙන සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට සහ එහි උන්නතිය වෙනුවෙන් රජය සහ පෞද්ගලික අංශයද මේ වන විට අතිශය කාර්යය භාරයක් ඉටුකරමින් පවතිනවා. එහි තවත් පියවරක් ලෙසයි Hiddensecrets නව සංචාරක හෝටලය, දඹුල්ල, දඹුලු ඔය ප්‍රදේශයේ ආරම්භ කෙරුණේ. අක්කර 17ක භූමි වපසරියක් පුරා විහිදුනු මෙම හෝටල් පරිශ්‍රය, සංචාරකයින්ට තිළිණ කරන්නේ අතිශය නිස්කලංක සුන්දරත්වයක් සහ ස්වාභාවික පරිසරයක අත්දැකීමක්.

පූර්ණ වශයෙන් ග්‍රාමීය ආරයට ඉදිකෙරුණු මෙම හෝටලයට පිවිසෙන සංචාරකයින්ට ඒ හා බැඳුණු නවමු අත්දැකීම විඳගන්නටත් අවස්ථාව සැලසෙනවා. ඒ අනුව, ගැමි ආහාර වේලක රස විඳීම, වැව් අසිරිය නැරඹීම, ඔරු පැදීම, පාපැදි සංචාර, හේන් – කුඹුරු දැක බලාගැනීමටත්, මෙම පරිසරයට ආවේණික සතුන් දැකගැනීමටත්, ප්‍රදේශය ආශ්‍රිතව බැඳී පවතින ජනප්‍රවාදයන් අසා දැනගැනීමත් එම ක්‍රියාකාරක්ම අතරින් සමහරක්.

නාගරික පරිසරයක, කාර්යබහුල ජීවන රටාවකින් මොහොතකට මිදී මෙලෙස ග්‍රාමීය ආර්ථිකය විඳගැනීමට අද වන විට දේශීය සහ විදේශීය සංචාරකයින් බොහෝ සෙයින් ඇළුම් කිරීම නිසාම මෙවැනි ව්‍යාපෘතිවලින් නව රැකියා අවස්ථා පවා උදාකරමින් ඒ හරහා රටේ ආර්ථිකයටත් දායක වීම සිය මුඛ්‍ය පරමාර්ථය බවයි Hiddensecrets හෝටල් කළමණාකාරීත්වය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Share