තමන් ගුරු සේවයේ ස්ථිර කරදෙන ලෙස ඉල්ලා පාසල් ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය තුන්වැනි දිනටත් ක්රියාත්මකයි. ඊයේ ඊට එක්ව සිටි නිලධාරිනියක හදිසියේ රෝගී වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්රතිකාර ලබා පසුව රෝහලෙන් පිටව ගොස් තිබුණා.





