“Clean Today – Green Tomorrow” වැඩසටහනේ සමාප්ති උත්සවය ගුවන් හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වෙයන් දියත් කෙරුණු ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාත්මක “Clean Today – Green Tomorrow” වැඩසටහනේ සමාප්ති උත්සවය ගුවන් හමුදා මූලස්ථානයේදී ඊයේ පැවැත්වුණා.
අවිධිමත් කසළ කළමනාකරණය, දූෂිත ජල මාර්ග සහ හරිත පරිසරය අඩුවීම හේතුවෙන් රට මුහුණ දෙන පරිසර අභියෝග හඳුනාගෙන, ජාතික වගකීමක් ලෙස පරිසර ආරක්ෂාවට ප්‍රායෝගික විසඳුම් ලබාදීම අරමුණකර ගත් මෙම වැඩසටහන ආරම්භ කර තිබුණේ පසුගිය වසරේ ජූනි මාසයේදී
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 75 වන සංවත්සරට සමගාමිව තරඟකාරීව පැවැත් වු මෙම වැඩසටහනේ ඉහළම ලකුණු ලබා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව එ්කල වෘත්තීය පුහුණු පාසල හොඳම කඳවුරට හිමි ජය සංකේත හිමිකරගන්තා.

Share