ශ්‍රී ලංකාවට කඩුළු 4ක ජයක්

වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුපර් සික්ස් කාණ්ඩායේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, ඇෆ්ගනිථානය කඩුළු 4කින් පරාජය කරමින්. නිදහස් සංඛ්‍යාත ඔස්සේ තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය ටී.වී සුප්‍රීම් වෙත හිමිව තිබෙනවා.

නැමීබියාවේ වින්ඩ්හුක් හි පැවැත්වුණ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක විමත් දින්සර, පළමුවෙන් පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.
තරගය ආරම්භයේ සිටම ඇෆ්ගනිස්ථාන පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඔස්මාන් සදාත් ලකුණු 61ක් රැස්කළා.
ඇෆ්ගනිථාන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 193ක් පමණයි.
පන්දු යැවීමේදී කුගතස් මාතුලන් සහ විරාන් චමුදිත අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියා.
ලකුණු 194ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 5ක් තුළදී කඩුළු 6ක් පමණක් දැවී ජයග්‍රාහී කඩයිම පසුකළා. ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ සෙනුජ වැකුණගොඩ පන්දු 79කින් ලකුණු 43ක් රැස්කර ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉණිමට හතරේ පහර 5ක් ඇතුළත්. දිමන්ත මහා විතාන ලකුණු 37යි.

Share