ඇල්පිටියේ වෙඩි තැබීමක් ගැන පොලිස් විමර්ශන

ඇල්පිටිය, අලුත්ගම ප්‍රධාන මාර්ගයේ, යටගල කණිෂ්ඨ විද්‍යාලය අසලදී ත්‍රීරෝද රථයකින් ගමන්කරමින් සිටි එළවළු ව්‍යාපාරිකයකුට, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු වෙඩි තැබූ බවට එම ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
කෙසේවෙතත් අදාළ ස්ථානයේ මූලික පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය සඳහන් කළේ වෙඩි ප්‍රහාරයක සලකුණක් මෙතෙක් හමු නොවූ බවයි.

Share