අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් බලාපොරොත්තු වන්නේ දැනුම භාවිත කර මිනිස් සමාජය මීට වඩා ඉහළ තැනකට ගෙන යා හැකි හැකි පුද්ගලයෙකු නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
කොළඹ නාලන්දා විද්‍යාලයේ සියවස් සමරු වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පල කළා.
කොළඹ නාලන්දා විද්‍යාලයට වසර 100ක් පිරීම නිමිත්තෙන් ඉදිකෙරුණු ධර්මා ගුණසිංහ නවෝත්පාදන ගොඩනැගිල්ල අද සිසු අයිතියට පත් කෙරුණේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්.
නාලන්දා විද්‍යාලයට ඉමහත් සේවාවක් ඉටුකළ හිටපු විදුහල්පති ධර්මා ගුණසිංහ මහතාට උපහාර පිණිස මෙම ගොඩනැගිල්ල නම් කර තිබෙනවා.
ගොඩනැගිල්ල ඉදිකිරීමේ පූර්ණ මූල්‍ය දායකත්වය නාලන්දා ආදි ශිෂ්‍ය සංගමය විසින් දරන අතර පළමු අදියර සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 300ක්.
නාලන්දා විද්‍යාලයේ සිසුන් විසින් නිමවන ලද නවෝත්පාදන කිහිපයක්ද මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක්වුණා.
සියවස් සැමරුම් උත්සවයට සමගාමීව නාලන්දා සියවස් සමරු මුද්දරය සහ මුල් දින කවරය ද අද නිකුත් කළා.





