ලොව විශාලතම පාවෙන මුඩුක්කු ජනාවාසය වන ‘මකෝකෝ’ විනාශ කිරීමට පියවර

ලොව විශාලතම පාවෙන මුඩුක්කු ජනාවාසය ලෙස පැවසෙන, නයිජීරියාවේ වාණිජ අගනගරය වන ලාගෝස් නුවර ‘මකෝකෝ’ ප්‍රදේශයේ පිහිටි මුඩුක්කු නිවාස, සන්නද්ධ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ බැකෝ යන්ත්‍ර යොදාගෙවනන විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.
රාජ්‍ය නොවන සංවිධාන පවසන පරිදි මෙම ක්‍රියාව නිසා 30,000කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වනු ඇති.
මෙම ජනාවාසය නීති විරෝධී සහ පරිසරයට හානිකර බව රජය පවසනවා.
19 වන සියවසේදී ධීවර ගම්මානයක් ලෙස ආරම්භ වූ මකෝකෝ ජනාවාසයට වසර 100කට වඩා වැඩි ඉතිහාසයක් ඇතැයි සඳහන්.

Share