අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සහ 14 වැනි දලයි ලාමා හිමියන් හමුවෙයි

අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ටිබටෙයේ ආධ්‍යාත්මික නායක 14 වැනි දලයි ලාමා හිමියන් හමුව තිබෙනවා
මෙම සංචාරයට වැදගත්කමක් එක් කරමින්, පල්ලේගම හේමරතන නායක හිමියන් විසින් ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ද දලයි ලාමා හිමියන්ට පිළිගැන්වූවා.
උන්වහන්සේ කිහිප අවස්ථාවක්ම ශ්‍රී ලංකාවට වැඩම කොට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කරන්නට ප්‍රයත්න දැරූ මුත් එම උත්සාහයන් ව්‍යර්ථ වූණා.
කෙසේ වෙතත් බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත් කරන්නට අටමස්ථානාධිපති හිමියන් පිළිගැන්වූ බෝ අංකුරයට හැකි වූ අතර එය ඉන්දියාවේ ගාඩෙන් ජන්ග්සේ විහාරස්ථාන පරිශ්‍රයේ උත්සවාකාරයෙන් රෝපණය කරනු ලැබුවා.

Share