වෙසක් පුර පසලොස්වක පොහොය දිනය සම්බන්ධයෙන් මතු වූ නැකත් ගැටලුව මත මේ වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් අද දැනුවත් කළා.
අමාත්‍යවරයා පැවසුවේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බවයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ දින දර්ශනයට අනුව වෙසක් පොහොය යෙදී තිබෙන්නේ මැයි පළමුවැනිදායි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ දින දර්ශනයට අනුව වෙසක් පොහොය ලෙස ප්‍රකාශයට පත් කර ඇති මැයි මස පළමුවැනිදා විසා නැකත නොයෙදෙන බැවින් වෙසක් පොහෝ දිනය ලෙස මැයි මස 30 වැනිදා යොදා ගැනීම සුදුසු බව තීරණය කර ඇතැයි ත්‍රෛයිනිකායික මහ නා හිමිවරුන් පසුගිය දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිඛිතව දැනුම් දුන්නා.
ඒ අනුව එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ වෙසක් පුන් පොහෝ දිනය හා බැඳුණු චිරාගත ශාසනික හා ආගමික කර්තව්‍යයන් මෙන්ම රාජ්‍ය උත්සව ද මැයි මස 30 වැනිදා ට යොදා ගන්නැයි අදාළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙසයි.
ඒ අනුව අද මහනුවරට පැමිණ මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදුටු රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළා.





