ලෝකයේ ප්‍රමුඛතම ජංගම ගෙවීම් ජාලය වන ඉන්දියාවේ UPI දැන් ජපානයට

ලෝකයේ ප්‍රමුඛතම ජංගම ගෙවීම් ජාලය වන ඉන්දියාවේ UPI දැන් ජපානයටද විහිදෙමින් පවතිනවා.
ඉන්දියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ, ඔවුන්ට පහසු ගෙවීම් ක්‍රමයක් සැපයීම සඳහා ජපානය UPI භාවිතයට ගන්නා බව සඳහන්.
2016 වසරේ ඉන්දියානු රජය විසින් හඳුන්වා දුන් UPI, අද වනවිට ඉන්දියාවේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී තිබෙනවා.
භූටානය, සිංගප්පූරුව, ප්‍රංශය, ශ්‍රී ලංකාව ඇතුළුව දැනට රටවල් අටකට විහිදී ඇති UPI, ලෝකයේ විශාලතම රියල්-ටයිම් ගෙවීම් පද්ධතියයි.

Share