ICC T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචාරයේ සිව් වැනි දිනය අදයි.
අද උදෑසන 10.30 සිට හැව්ලොක් සාප්පු සංකීර්ණයේදී ක්‍රිකට් ලෝලීන්ට ලෝක කුසලානය නැරඹීමට අවස්ථාව හිමි වුණා.
T20 ලෝක කුසලාන තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ නිල විකාශන අයිතිය හිමිව තිබෙන්නේ ටීවී සුප්‍රීම් වෙතයි. 2026 වසරේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරයන්ට පිදෙන කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ සිව්වන දිනය ලෙස අද උදෑසන ලෝක කුසලානය රැගත් රථ පෙළපාලිය ඩයලොග් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටින් ගමන් ඇරඹුවා. කුසලානය රැගත් රිය පෙළ අද උදෑසන 10.30ට පමණ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය වෙත ළඟා වුණා. ක්‍රිකට් රසික රසිකාවියන් බොහෝ පිරිසක් T20 ලෝක කුසලානය නැරඹිමට එහි පැමිණියා.
කුසලානය සමග ඡායාරූපවලට පෙනී සිටීමට මෙන්ම තවත් විවිධ ඉසව්වලට සහභාගි වීමට ද ඔවුන්ට ඉඩ සැලසුණා.
අද රාත්‍රී 10 දක්වා ලෝක කුසලානය හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ ප්‍රදර්ශනය කෙරෙනවා.





