2026 හය ශ්‍රේණිය දූ දරුවන්ගේ දෙමාපිය එකමුතුව ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විධිමත්ව කරන්නැයි විපක්ෂය නගන හඬට සවන් නොදීම හේතුවෙන් ආණ්ඩුව වර්තමානයේ ගැටලු රැසකට මුහුණදී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය චෝදනා කරනවා.
මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2026 හය ශ්‍රේණිය දූ දරුවන්ගේ දෙමාපිය එකමුතුව ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවුණා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් 2026 හය ශ්‍රේණිය දූ දරුවන්ගේ දෙමාපිය එකමුතුව සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාව පැය 4ක පමණ කාලයක් පැවැත්වුණා. එම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ද එක්ව සිටියා. මේ අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ දී ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගුරු දෙමාපිය එකමුතුව නම් සංවිධානයක් ගාල්ල නගරයේ දී ආරම්භ කළ සත්‍යග්‍රහය අඛණ්ඩව 5 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

Share