යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් යුක්රේනය, රුසියාව සහ ඇමෙරිකාව අතර ත්රෛයි පාර්ශ්වික සාකච්ඡාවක් අබුඩාබි හි දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
මේ අතර යුක්රේන හා ඇමෙරිකා ජනාධිපතිවරුන් අතර හමුවක් ඩාවෝස් හිදී පැවති අතර එහි තීරණ දැනුම් දීමට ඇමෙරිකා නියෝජිතයින් රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් ඊයේ මුණගැසුණා.
එම සාකච්ඡා අතිශය සාර්ථක බවයි වාර්තා වන්නේ.





