ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වල නිරත වූ නේටෝ භටයින්ගේ කැපකිරීමට නිසි ගෞරවය ලැබිය යුතු හැරී කුමරු පවසනවා.
තමන් ද දෙවරක් ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාකාරී මෙහෙයුම්වලට එක් වූ බවත්, එහිදී සිය මිතුරන්ගේ ද ජීවිත අහිමි වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
ඇෆ්ගනිස්ථාන මෙහෙයුම්වලදී නේටෝ හමුදා සිටියේ ඇමෙරිකානු හමුදාවට පිටුපසින් බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හැරී කුමරු මේ අදහස් පල කර තිබෙනවා.
එම ප්‍රකාශය නේටෝ ප්‍රධානියා මෙන්ම යුරෝපා රටවල් රැසක නායකයින් ද හෙලා දැක තිබුණා.





