මේ දිනවල පැවැත්වෙන චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය රට පුරා පාපන්දු ලෝලීන් ආකර්ශනය කරගෙන තිබෙනවා.
ඒ අනුව මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලංකා පාපන්දුව කෙරෙහි ක්‍රීඩාලෝලීන්ගේ වැඩි අවධානයක් යොමු කරවීමේ අරමුණින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමග ටීවී සුප්‍රීම් බලගැන්වීමෙන් චැම්පියන්ස් ලීග් නිල පාපන්දු ගීතයක් එලි දක්වනු ලබනවා.
එක් ක්‍රීඩාවක් එක් හදවත් ලෙස නම් කර ඇති නිල ගීතය ක්‍රීඩාලෝලීන්, ක්‍රීඩකයින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් තවදුරටත් ශ්‍රී ලංකා පාපන්දුව වටා ඒක රාශී කරනු ඇති.
අපි දැන් යොමු වෙමු චැම්පියන්ස් ලීග් නිල ගීතය වෙත….
ඒ ඔබ නැරඹුවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමග ටීවී සුප්‍රීම් බලගැන්වීමෙන් එළි දැක්වූ චැම්පියන්ස් ලීග් නිල පාපන්දු ගීතයයි.
රට පුරා ක්‍රීඩාලෝලීන් අතර පාපන්දු උන්මාදයක් ඇති කළ චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ටීවී සුප්‍රීම් ඔස්සේ සජීවීව නැරඹීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා.
රැඳී සිටින්න ටීවී සුප්‍රීම් සමගින්





