මධ්‍යම අප්‍රිකානු ජනරජයේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා 11 වැනි බලඇණිය අද උදෑසන කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව ගියා.
කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළුව සාමාජිකයින් 110 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ අණ දෙන්නා ලෙස ගෲප් කපිතාන් ආසිරි පතිරගේ මහතා කටයුතු කරනවා.
මේ අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සාර්ථකව අවසන් කල 10 වන බලඇණියේ ගුවන් හමුදා සේවා පුද්ගලයින් 94 දෙනෙකු ද අද දින දිවයිනට පැමිණියා.
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ගුවන් හමුදාවේ භට පිරිස් පිටව යයි
කාන්තාවන් 7 දෙනෙක් ඇතුළු සාමාජිකයින් 110 ක කණ්ඩායම දිවයිනෙන් පිටත්වුණා





