පෙබරවාරි 4 සිට 11 දක්වා ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ එරට රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ පෙබරවාරි 04 සිට 11 දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත් වෙනවා
එහි මූලික සංවිධාන කටයුතු පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ පෙබරවාරි 04 වනදා ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන මෙහොතේ සිට නැවත ඉන්දියාවට වැඩම කරවීම දක්වා වූ කාල පරිච්ඡේදය තුළ අවශ්‍ය පහසුම් සැලසීම සහ එහිදී එක් එක් ආයතන වෙත පැවරි ඇති කාර්යයන් සහ ඊට අදාළ සැලසුම් පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ සංවිධාන කටයුතු සාකච්ඡා කෙරේ
පෙබරවාරී මස 04 වැනිදා සිට 11 වැනිදා කොළඹ, ගංගාරාමයේදී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාවට අවස්ථාව

Share