බස්නාහිර සහ දකුණේ අද පැවැත්වෙන 11 ශ්‍රේණිය වාර විභාග ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවූ බවට වාර්තා

දකුණු පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළව අද පැවැත්වීමට නියමිත ඉතිහාසය විෂය ප්‍රශ්න පත්‍රය කලින් පිට වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.
මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසුවේ විභාගය පැවැත්වීම අවශ්‍ය නොවන බවට අධ්‍යාපන අමාත්‍යංශය පවසා තිබිය දී දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විභාගය පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ආරම්භ වුණා. අදින් ආරම්භ වන 2026 පළමු පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි මස 14 වැනිදා සිට මාර්තු මස 02 වැනිදා දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබා දෙන බව බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා. මේ අතර දකුණු පළාතේ පාසල්වල මෙවර සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් අද සිට ආරම්භ වන අවසන් වාර විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවී ඇතැයි වාර්තා වනවා.
මෙලෙස පිටවී ඇත්තේ ඉතිහාසය විෂය ප්‍රශ්න පත්‍රයේ පළමු සහ දෙවන කොටස්.

Share