අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ජයත් ලබන්නට වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියාව සමත් වුණා.
කෙසේ වෙතත් බුලවායෝ හි පැවති නවසීලන්තය හා බංග්ලාදේශය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවා.
සිම්බාබ්වේ සහ නැමීබියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ දේශීය නිදහස් සංඛාත ඔස්සේ විකාශන අයිතිය හිමිව තිබෙන්නේ ටීවී සුප්‍රීම් වෙතයි.
අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ ඔස්ට්‍රේලියාව සහ ජපානය අතර තරගය පැවැත්වුණේ වින්ඩ්හුක් හිදී.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ජපානය කඩුලු 8ක් දැවී ලකුණු 208ක් රැස් කළා.
ජයග්‍රාහී ඉලක්කය 30 වැනි පන්දුවාරයේ දී සපුරා ගන්නට ඔස්ට්‍රේලියාව සමත් වුණේ කඩුලු 2ක් පමණක් දැවී තිබියදී.
එහි දී Will Malajczuk ලකුණු 102ක් ලබා ගත්තේ පන්දු 55ක් පමණක් වැය කරමින්.
B කාණ්ඩයේ නවසීලන්තය සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වුණේ බුලවායෝ හිදී.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 10ක දී එක් කඩුල්ලක් දැවී ලකුණු 51ක් රැස් කර ගෙන සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ අනුව තරගය ප්‍රතිඵලයකින් තොරව අතහැර දැමීමට සිදු වූ අතර තරගාවලියේ නවසීලන්තය මෙතෙක් සහභාගී තරග දෙකම එලෙස අතහැර දැමුවා.
19 පහළ ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.
C කාණ්ඩයේ එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගය හරාරේ හිදී පැවැත්වීමට නියමිතයි.
ඇෆ්ගනිස්ථානය සහ ටැන්සානියාව අතර D කාණ්ඩයේ තරගය පැවැත්වෙන්නේ වින්ඩ්හුක් හිදී.





