ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පක්ෂය විසින් ඉතිහාසයේ ලාබාලතම සභාපතිවරයා ලෙස 45 හැවිරිදි නිතින් නබින්, නිතරගයෙන් තෝරාගෙන තිබෙනවා.
තීරණාත්මක බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයට පෙර මෙම පත්කිරීම සිදුව ඇත්තේ තරුණ ඡන්ද වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණෙන් බවට විවාදයක් නැහැ.
ඉන්දියාවේ බිලියනයක ඡන්දදායකයින්ගෙන් 40%කට වඩා වයස අවුරුදු 18 ත් 39 ත් අතර අය බව මැතිවරණ කොමිසම සහ විශ්ලේෂකයින් ගණන් බලා තිබෙනවා.





