විදුලිය වැඩවර්ජනයකට සැරසෙයි

කිසිඳු පෙර දැනුම්දීමකින් තොරව ඉදිරියේදී වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව විදුලි සේවක වෘත්තීය සමිති අනතුරු අඟවනවා.
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේ ක්‍රියාවලිය හමුවේ සේවක අයිතිවාසිකම් තහවුරු කිරීමට බලශක්ති අමාත්‍යංශය මේවන තුරු කටයුතු නොකිරීම ඊට හේතුවයි.

විදුලිබල මණ්ලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී බලශක්ති අමාත්‍යාංශය විසින් නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරන බවට විදුලි වෘත්තීය සමිති චෝදනා කරනවා.‍
එසේ තිබිය දී පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩලය සමාගම් හයකට වෙන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇතැයි වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළා.
ඔවුන් පවසන්නේ තමන් ඉදිරිපත් කළ ගැටලු 7ක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා මේ දක්වා සාකච්ඡාවක් හෝ ලබා දී නොමැති බවයි.
සේවක අයිතිවාසිකම් සුරක්ෂිත නොකොට ගැසට් නිවේදනය නිකුත් කළහොත් ක්ෂණික වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 24ක් අද ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආණ්ඩුවට අනතුරු ඇඟවූවා.

Share