සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණකරු වැලන්ටිනෝ ගරාවානි අභාවප්‍රාප්ත වෙයි

විලාසිතා ලෝකයේ පෙරළිකාර අනන්‍යතාවයක් සනිටුහන් කළ සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණකරු වැලන්ටිනෝ ගරාවානි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 93 වැනි වියේ පසු වුණා.
20 වන සියවසේ විලාසිතා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස සැලකෙන වැලන්ටිනෝ, ස්පාඤ්ඤ සංචාරයකින් ලැබූ ආභාෂය මත සිය නිර්මාණ සඳහා රතු වර්ණය භාවිත කිරීමට හුරු වූ නිර්මාණකරුවෙක්.
ඔහුගේ සුප්‍රසිද්ධ ‘ෆියෙස්ටා’ (Fiesta) ඇඳුම එළිදැක්වීමත් සමඟ වැලන්ටිනෝ සන්නාමය ගෝලීය කීර්තියට පත්වුණා.
2008 වසරේ පැවැති ඔහුගේ අවසන් විලාසිතා එකතුව ප්‍රදර්ශනය කිරීමේදී ද සියලුම නිරූපිකාවන් රතු පැහැති ඇඳුම් ඇඳ සිටීම විශේෂත්වයක්.
ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රසිද්ධ පුද්ගලයින් රැසකගේ සමීපතම නිර්මාණකරුවෙකු වූ වැලන්ටිනෝගේ සේවාදායකයින් අතර,එලිසබෙත් ටේලර්, නැන්සි රේගන්, ෂැරන් ස්ටෝන්, ජූලියා රොබට්ස් සහ ග්විනේත් පැල්ට්‍රෝ වැනි ප්‍රකට තරු සිටි බව සඳහන්.
2013 වසරේදී ස්වීඩනයේ මැඩලීන් කුමරියගේ මංගල ඇඳුම නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවූයේ ද ඔහුටයි.

Share