අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමට විරෝධය පළ කරමින් ඊයේ මෙන්ම අද දිනයෙත් ස්ථාන කිහිපයක මව්පියන් විරෝධතාවල නිරත වුණා.
ඔවුන් පවසන්නේ 6 ශ්‍රේණිය සඳහා යෝජිත ප්‍රතිසංස්කරණ මෙලෙස කල් දැමීම තුළින් නව අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳව තමන් තැබූ විශ්වාසය පළුදු වී ඇති බවයි.
මේ අතර, පුළුල් සාකච්ඡාවකින් තොරව නව අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක නොකරන්නැයි ඉල්ලමින් තවත් පිරිසක් ඊයේ විරෝධතාවල නිරත වුණා.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සහ 1 ශ්‍රේණියට නව මොඩියුල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.
කෙසේවෙතත් පසුව රජය කැබිනට් එකඟතාවයක් මත තීරණය කර තිබුණේ 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසරට කල් දැමීමටයි.
මෙවවන් පසුබිමක් තුළ එලෙස 6 ශ්‍රේණිය සඳහා වන ප්‍රතිසංස්කරණ කල් දැමීමට විරෝධය පළ කරමින් ස්ථාන කිහිපයක විරෝධතා සංවිධාන කර තිබුණා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජනතා ව්‍යාපාරය සංවිධාන කළ අනුරාධපුර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය ඊයේ පැවැත්වුණා. මේ අතර, රුවන්වැල්ල කන්නත්තොට ප්‍රදේශයේදී සමගි ජන බලවේගය සංවිධාන කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි විරෝධතාවක් ඊයේ පැවැත්වුණා. එහිදී විරෝධතාවයේ නිරත පිරිසට කිසියම් පුද්ගලයෙකු විරෝධය පල කිරීමත් සමග ඇති වුයේ උණුසුම් තත්ත්වයක්.
මේ අතර, ජන අරගල ව්‍යාපාරය ද ප්රවෘත්ති සාකච්ඡාවක දී යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ඇති ගැටලු ගණනාවක් පෙන්වා දුන්නා.





