ඉන්දීය යුද හමුදාපති උපේන්ද්ර ද්ව්වේදි විසින් ශ්රීලංකා යුද්ධ හමුදාවට ප්රදානය කළ නව ජීප් රථ 20ක් භාවිතයට ගැනීමත් සමඟ, වසරකට රුපියල් මිලියන 18ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇතැයි ශ්රී ලංකා යුද හමුදාව නිවේදනය කරනවා.
යුද හමුදාවේ පරිපාලන සහ ක්ෂේත්ර රාජකාරි සඳහා මෙතෙක් පෞද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන තිබූ වාහන වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 1.5ක මුදලක් වැය කිරීමට සිදුව තිබුණු බව යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
නව ජීප් රථ සේවයට එක් කිරීමත් සමඟ එම කුලී පදනමේ වාහන ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම ජීප් රථ තොගය ඉන්දීය යුද හමුදාපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර ශ්රී ලංකා යුද හමුදාව වෙත නිල වශයෙන් පිරිනමන ලද්දේ හමුදාපතිවරුන් දෙපළ අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතාවයේ සංකේතයක් ලෙසයි.





