ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාලන ලේකම්වරයෙක් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ද වූ නන්දන ගුණතිලක මහතා අද අලුයම අභාවප්රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියයන විට 64 හැවිරිදි වියේ පසුවුණා.
අභාවප්රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළා.





