මේ අතර ඩුබාහි සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ජාවාරම්කරුවකු වන ඩුබායි ඉෂාර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සැක කරුවන් තිදෙනෙකු හෙරොයින් ග්‍රෑම් පනහක් සමග අද උදෑසන ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනෙක් ගම්පොළ දොළුව ප්‍රදේශයේදී සහ ගම්පොළ මහර ප්‍රදේශයේදී අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනුනා.
මෙම මත්ද්‍රව්‍ය බෙදා හැරිමට උපයෝගි කර ගත් බවට සැකකරන යතුරුපැදියකුත් මෙහිදී සොයාගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් ගම්පොළ, නාවලපිටිය, උලපනේ, දොළුව ගෙලිඔය පේරාදෙණිය වැලිගල්ල ප්‍රදේශවලට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් ගම්පොළ ප්‍රදේශයේ අංගම්මන, ගවල්වල හා තුන්දෙනිය ප්‍රදේශවල පදිංචි කරුවන් බවත් ඔවුන්ට කොළඹදී මත්ද්‍රව්‍ය ලබාදෙන බවත් විමර්ශන වලින් හෙළිව තිබෙනවා.





