බූස්ස බන්ධනාගාරයේ ඇති වූ කලහාකාරී සිද්ධියට සම්බන්ධ රැඳවියන් 06 දෙනෙකු අඟුණුකොළපැලැස්ස, කුරුවිට සහ කළුතර යන බන්ධනාගාර 03ක් වෙත මාරු කර යවා තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා කියා සිටියේ මේ වන විට බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව සම්පුර්ණයෙන් පාලනය කර ඇති බවයි.
බූස්ස බන්ධනාගාරයේ මෙම නොසන්සුන්තාව ඇති වූ D වාට්ටුවේ රඳවා සිටින්නේ වැරදි සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර කර සිටින රුඳවියන් පමණයි
එම රැඳවියන් ශාරීරක ව්‍යායාම සදහා සුපුරුදු පරිදි ඊයේ දිනයේද නියමිත වේලාවේ බන්ධනාගාරය තුල එළිමහනකට යොමු කර තිබෙනවා.
මෙම පිරිසට ශාරීරක ව්‍යායාම සදහා ලබා දුන් කාළය අවසන් වී යළි වාට්ටුව වෙත යන ලෙසට බන්ධනාගාර නිළධාරීන් නියෝග ලබා දීමේදී රුඳවියන් 6
දෙනෙකු වාට්ටුව යාමට විරෝධය පල කර කළහකාරිව හැසිරි තිබෙනවා.
එම රැඳවියන් 06 දෙනා අතර ගණේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් මෙන්ම වෙඩික්කරුවෙක් ලෙස නම් කර සිටින සමිදු ඩිල්ෂාන් ද සිට තිබෙනවා. මේ හැරුණු විට විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බටුමීයා, හාවා, කනත්තේ සුදූ, ඩිලා යන අන්වර්ථ නම්වලින් හඳුවන පිරිස ද සිටි බවයි වාර්තා වන්නේ.
විරෝධය පල කල රුඳවියන් වහලය මතට නැගී බන්ධනාගාර පරිපාලනයට විරුද්ධව විවිධ සටන් පාඨ පවසමින් විරෝධතාවක නිරත වුණා.
ඔවුන් කලහකාරී ලෙස හැසිරෙමින් දේපොළවලටද හානි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම රැඳවියන්ගේ ඉල්ලීම් සහ සටන්පාඨ වී ඇත්තේ නව බන්ධනාගාර අධිකාරීවරයා විසින් අලුතින් පනවා ඇති නීති ඉවත් කිරිමයි.
ඒ අතර සතියකට දෙවරක් පිටතින් බන්ධනාගාරයට රුගෙන එන ආහාර කිහිපදෙනෙකු එක්ව කෑමට ඉඩ නොදිම ඇතුලු කරුණු කිහිපයක් වෙනවා.
මෙම විරෝධතාව බන්ධනාගාර නිළධාරීන් සමග පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරීන් ද එක්ව ඊයේ රාත්‍රී වන විට පාලනය කිරිමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව වහල මතට නැග සිටි රැඳවියන් ඉන් බස්සවා යලි D වාට්ටුවට ඇතුලු කිරිමට යාමේ දී යළි නොසන්සුන් තාවයක් ඇති තිබෙනවා.
එම නොසන්සුන් තාවය අතරතුරු රුඳවියක් කිහිප දෙනෙකුට තුවාල සිදුව රෝහල් ගත කර ඇති බවද වාර්තා වුණා.
මේ අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා කියා සිටියේ මෙම කළහකාරී ලෙස හැසිරුනු රුඳවියන් 06නා අඟුණුකොළපැලැස්ස, කුරුවිට සහ කළුතර යන බන්ධනාගාර 03 වෙත යොමු කළ බවයි.
එමෙන්ම ඇති වූ මේ සිදුවිම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.





