දිට්වා නිසා ඇතිවූ ආපදා අවම කර නොගැනීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජුලි 15 වැනිදා

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 15 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

Share