මේ අතර,පොලිස් පරීක්ෂක ක්‍රීඩා නිල ඇඳුමකින් සැරසී ගිනි අවියක්ද අතැතිව පිටකොටුවේ ලැගුම්හලක් අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි කාන්තාවක් කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය සතුව තිබූ ගිනි අවිය ලී වලින් සෑදූ ව්‍යාජ එකක් බව පසුව අනාවරණය වුණා.
මේ අතර කළුබෝවිලදී 16 හැවිරිදි දැරියකට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
එම සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්ත දිනුෂ නැමැත්තාගේ සමීපතමයන් බව පොලිසිය පැවසුවා.





