මොඩියුල ඉල්ලන මව්පියෝ

6 වසර සඳහා යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ දී ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා.උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ 6 වසර දරුවන්ගේ මව්පිය එකමුතු නම් සංවිධානයයි.

මෙම වසරේ සිට 01 ශ්‍රේණියට සහ 06 ශ්‍රේණියට නව විෂය මාලාවක් සහිතව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යශය මුල් අවස්ථාවේදී තීරණය කර තිබුණා.

කෙසේනමුත් ඒ හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ සඳහන් වූ වෙබ් අඩවියක් හේතුවෙන් පාර්ශ්ව රැසකින් එල්ල වූ දැඩි විවේචන හා විරෝධතා මත හය ශ්‍රේණ්ය සඳහා ⁣වූ විෂයමාලා සංශෝධනය ලබන වසරට කල් තැබුවා.

මෙවන් පසුබිමක 6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩුපාඩු නැවත සකස් කොට මේ වසරේදීම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්වුණා.

ඒ සඳහා එක්ව සිටියේ 6 ශ්‍රේණිය දරුවන්ගේ දෙමව්පිය එකමුතුව නම් පිරිසක්.

පවතින විෂය නිර්දේශය පැරණි බව ද ඔවුන් සඳහන් කළා.මේ හා සමගාමීව මාතර මාලිම්බඩ ප්‍රදේශයේ ද වැඩිහිටියන් පිරිසක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණා. මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

Share