වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ ධවල මන්දිරයේ පැවති හමුවකදී තමන්ට හිමි වූ නොබෙල් සාම ත්‍යාගයට අදාළ රන් පදක්කම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා
වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙදෙනා පෞද්ගලිකව මුණගැසුණු පළමු අවස්ථාව ද මෙය වනවා.
කෙසේ වෙතත් ගෞරවලාභීන්ට ලැබෙන එම රන් පදක්කම මචාඩෝ විසින් ට්‍රම්ප්ට පිරිනමනු ලැබුව ද, එම ගෞරවය තවමත් ඇයට හිමි ව ඇති අතර එම ත්‍යාගය මාරු කිරීමට, බෙදා ගැනීමට හෝ අවලංගු කිරීමට නොහැකි බව නෝර්වීජියානු නොබෙල් ආයතනය පවසනවා.
එමෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් නෝර්විජියානු නොබෙල් කමිටුව සාම ත්‍යාගයලාභීන්ට ත්‍යාග පිරිනැමීමෙන් පසු ඔවුන් පවසන සහ සිදු කරන දේ සම්බන්ධව අදහස් නොදක්වන බවත් නොබෙල් ආයතනය සිය නිවේදනයේ සඳහන් කර තිබුණා.





