අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය සංවිධාන කරන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සිම්බාබ්වේ සහ නැමීබියාවේ සත්කාරකත්වයෙන් අද ආරම්භ වුණා.
තරගාවලියේ දේශීය නිදහස් සංඛාත ඔස්සේ විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්රීම් වෙතයි.
අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඇමෙරිකාව සහ ඉන්දියාව බුලවායෝ හිදී පිටියට පිවිසියා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇමෙරිකාව පන්දුවාර 35යි පන්දු 2ක දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 107ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Nitish Sudini ලකුණු 36ක් ලබා ගත්තා.
සුපිරි පන්දු යැවීමක නිරත වු හෙනිල් පටෙල් ලකුණු 16කට කඩුලු 5ක් බිඳ හෙලුවා.
සිය කුළුදුල් ලෝක කුසලානයට ක්රීඩා කරන ටැන්සානියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය පැවැත්වුණේ නැමීබියාවේ වින්ඩ්හුක් හි එච් පී ඔ්වල් ක්රීඩාංගනයේ දී.
තරගයේ පළමු පන්දුවට පහර දුන් ටැන්සානියානු ක්රීඩකයින් පන්දුවාර 34ක දී සියලු දෙනා දැවී ලකුණු 122ක් රැස්කළා. හරාරේ හිදී පැවැත්වීමට නියමිතව තිබූ සත්කාරක සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය අතර තරගයව පිටියේ තෙතබරිත ස්වභාවය හේතුවෙන් තවමත් ආරම්භ කෙරුණේ නැහැ.
19 පහළ ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි දිනය වන හෙට තරග තුනක් පැවැත්වීමට නියමිතයි.
එංගලන්තය සහ පාකිස්තානය අතර තරගය පැවැත්වෙන්නේ හරාරේ හිදී.
ඔස්ට්රේලියව සහ අයර්ලන්තය අතර තරගය මෙන්ම ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්රිකාව අතර තරගය පැවැත්වෙන්නේ නැමීබියාවේ වින්ඩ්හුක් හිදී.
මෙම තරග සියල්ලම ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 1ට ආරම්භ වනවා.





