හෙන්ලි දර්ශකයේ 2026 වසර සඳහා ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රයට රටවල් 101ක් අතුරින් 93 වැනි ස්ථානය හිමිව තිබෙනවා.
මීට පෙර ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ශ්‍රේණිගත කිරීම් හි පැවතියේ 96 වැනි ස්ථානයේයි.
සිංගප්පූරු ගමන් බලපත්‍රය එම ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්ව ඇත්තේ අඛණ්ඩව තෙවැනි වසරටයි.
හෙන්ලි දර්ශකය ලෝකයේ සියලුම රටවල විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කරන්නේ ඒවායේ හිමිකරුවන්ට පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ප්‍රවේශ විය හැකි ගමනාන්ත ගණන අනුවයි.
මෙම දර්ශකයේ ශ්‍රී ලංකාව 93 වන ස්ථානයට පත්ව ඇත්තේ වීසා රහිතව ගමන් කළ හැකි රටවල් ගණන 39ක් වීම හේතුවෙන්.
මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ රටවල් 11ක් පමණයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය තවමත් සෙසු සාර්ක් රටවල් වන නේපාලය, බංග්ලාදේශය සහ පාකිස්ථානයට වඩා ඉහළින් ශ්‍රේණිගතව තිබෙනවා.
සාර්ක් කලාපයේ ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලැබී ඇති ඉන්දීය ගමන් බලපත්‍රය 80 වැනි ස්ථානයේ පවතිනවා.
ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ඇත්තේ සිංගප්පූරුවටයි.
එම ගමන්බලපත්‍රයෙන් වීසා නොමැතිව ඇතුලුවිය හැකි රටවල් ගණන 192ක්
ශ්‍රේණිගත කිරීම් හි දෙවැනි ස්ථානය ජපානයට සහ දකුණු කොරියාවට හිමිව තිබෙනවා.
මෙම දර්ශකයේ අවසන් ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්තාන ගමන් බලපත්‍ර හිමියන්ට වීසා නොමැතිව ගමන් කළ හැක්කේ රටවල් 24කට පමණයි.
මේ අතර, රටවල් 75ක පුද්ගලයින් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
අමෙරිකාවේ නව සංක්‍රමණික නීතිවලට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
එහි බලපෑමට ලක් වූ ආසියානු රටවල් ලැයිස්තුවට ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, කසකස්තානය, කිර්ගිස්තානය, ලාඕසය, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, පකිස්ථානය, තායිලන්තය සහ උස්බෙකිස්තානය ඇතුළත්.
ජනවාරි මස 21 වන දින සිට මෙම නව නීතිය ක්‍රියාත්මක වනු ඇති.





