ආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල හෙට සිට රුපියල් 125 කින් සහ ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් පහළ දමා තිබෙනවා.
ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට ආනයනකරුවන් එකඟතාවය පළ කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවා.

Share