එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජන මැද චීනය ඉකුත් 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 1 ඉක්මවා ගිය වෙළඳ අතිරික්තයක් වාර්තා කර තිබෙනවා.
චීනයේ වෙළඳ අතිරික්තය ඩොලර් ට්‍රිලියන 1 ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වන අතර 2024 දී චීනයේ වෙළෙඳ අතිරික්තය වූයේ ඩොලර් බිලියන 993ක් පමණයි
ඇමරිකා එක්සත් ජනපදය සමඟ වෙළඳාම දුර්වල වූ නමුත්, විශේෂයෙන් අග්නිදිග ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාවට චීන අපනයන ඉහළ යාම මෙම වාර්තාගත ආදායමට හේතු වී ඇති බව සඳහන්.
මේ අතර චීන මෝටර් රථ කර්මාන්ත සංගමය නිකුත් කළ නවතම දත්ත අනුව 2025 වසරේ චීන මෝටර් රථ නිෂ්පාදන ධාරිතාව සහ අලෙවිය පිළිවෙළින් මිලියන 34.5ක් සහ මිලියන 34.4ක් වන අතර, එය වාර්ෂිකව 10.4% ක සහ 9.4%ක වැඩිවීමක්.
මෙම වාර්තාගත නිෂ්පාදනයත් සමග චීනය අඛණ්ඩව 17 වැනි වසරටත් ලොව විශාලතම මෝටර් රථ වෙළඳපොළ වාර්තාව රැක ගැනීමට සමත්ව තිබෙනවා.





